FAST NEWS

24×7 Around the Globe

පළමු කාර්තුවේ රජයේ මුළු වියදම රුපියල් මිලියන 957365 ක්..

2017 වර්ෂයේ පළමු කාර්තුවේ අවසන රජයේ මුළු වියදම රුපියල් මිලියන 957365 ක්‌ බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇමැති මණ්‌ඩලය වෙත දැනුවත් කර ඇත.

එ අනුව මෙහි ප්‍රනරාවර්තන වියදම් රුපියල් මිලියන 482856 ක්‌ වන අතර මූලධන වියදම රුපියල් මිලියන 474509 ක්‌ වෙයි.

මේ අනුව වර්ෂයේ පළමු කාර්තුවට අදාළව සකස්‌ කරන ලද වියදම් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇමැති මණ්‌ඩල අනුමැතිය හිමිව ඇත.

(ADS)