FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන FCID යට කැඳවේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාට අද (18) ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරු 9.30ට ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙම කැඳවීම කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි දන්වා නොමැති බැවින් බැවින් උතුරුමැද පළාත් සභාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කැඳවීම සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)