FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමති විග්නේශ්වරන්ගෙන් විශේෂ නිවේදනයක්..

අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන හෙට(18) දින මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වෙන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමීන්  සඳහන් කරයි.

එ අනුව මුල්ලිවයික්කාල් වැඩසටහනට සමගාමීව සැමරුම් සිදු කරන ලෙස ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගෙන් අදාල නිවේදනය මගින් හෙතෙම ඉල්ලීමක්ද කර තිබේ.

හෙට උදෑසන 9.30ට ආරම්භ කරන මෙම වැඩසටහනට සමගාමීව ලොව පුරා සිටින දෙමළ ජනතාව ද විනාඩි 03ක කාලයක් නිහඬතාවයක් පළකරමින්  මිය ගිය වැසියන් වෙනුවෙන් ගෞරව කර සැමරුමට සහය වන ලෙස ඔහු ඉල්ලා සිටියි.

එසේම හෙට දිනයේදී  මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පිහිටි යුද සැමරුම් ස්මාරකය අසලදී උතුරු මහඇමතිගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභාවේ සැමරුම සිදු කිරීමට නියමීත බවත් වාර්තා වේ.

( ADS)