FAST NEWS

24×7 Around the Globe

දැඩි නියගයෙන් මඩකලපුවේ වැව් ජලය පහතට..

මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් විශාල කුඩා හා මධ්‍යම මට්ටමේ වැව්වල ජල මට්ටම අඩු වෙමින් පවතින බවට මඩකලපුව දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එස්.සිවලිංම් මහතා පවසයි.

වැව්වල ජල මට්ටම අඩු වීම නිසා යල කන්නයේ වගාව හානියට පත්ව ඇති අතර මෙවර දිස්ත්‍රික්කයේ අක්කර හැත්තෑ දහසක යල කන්නයේ වී වගා කර ඇති බව ද ඔහු පැවසීය.

උන්නිච්චෙයි, උරුගාමම්න, නවගිරි යන විශාල වැව්වල සහ පුලුකුනාව, කඩුක්කාමුනෙයි, වාහනේරි ඇතුලු මධ්‍යම හා කුඩා වැව්වල ජල මට්ම අඩු වී ඇති බව නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය .

(ADS)