FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ෆොන්සේකාට එරෙහි පෙත්සම යළි කැඳවිම ජූලි 12..

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම අභියෝගයට ලක්කරමින් නීතීඥ අජිත් ප්‍රසන්න විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එ අනුව අදාළ පෙත්සම යළි සලකා බැලීම සඳහා ලබන ජූලි 12 වන දින කැඳවීමට එම විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත් වෙනත් පක්ෂයකින් තරඟර පරාජයට පත්වූ අයෙකු බවත්. එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවේද නොසිටි අයෙකු බවත් එවැනි අයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම නීති විරෝධී ලෙස නම් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

(ADS)