හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය, හා චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවිය යුතු බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමත් යන ඉල්ලිම් තුනක් මුල්කරගෙන ආරම්භ කර අත්හිටුවන ලද වැඩවර්ජනය නැවත දැනුම්දීමකින් තොරව ආරම්භ කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ඉකුත් අප්‍රේල් මස 24 වන දින දියත් කරන ලද මෙම අඛණ්ඩ වැඩවර්ජනය එදින රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී ලබාදුන් පොරොන්දු අනුව අත්හිටවූ වීමට කටයතු කළේය.
එ අනුව ඉන්දියාව සමග අත්සන් කරනු ලැබුවේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත්, නීතිමය ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ගත යුතු බව කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බවටත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව තමන් වෙත යොමු කළ ලිපියක දැක්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පෙන්වා දෙයි.
එහෙත් අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාව අතර එළඹුණු ගිවිසුම පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෘත්තීය සමිති එකමු තුව හා අග්‍රාමාත්‍යවරයා අතර පෙර පැවති එකඟතාවන්ට පටහැණිව, තම ඉල්ලීම් වලට සම්පූර්ණයෙන්ම පටහැණිව ක්‍රියා කර ඇති බව පෙනී යන බව ඩී.ජේ රාජකරුණා මහතා පෙන්වා දෙයි.
අනෙක් අතට එම එකඟතා ක්‍රියාත්මක කෙරෙන කාල රාමු සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සතිය ඇතුළත තම ඉල්ලීම්වලට පරස්පර විරෝධී ක්‍රියා මාර්ග ක්‍රියාත්මකවීමට ඉඩඇති බව පෙනී යන බවත් හෙතෙම අවධාරණය කර සිටියි.
ඒ අනුව ඉදිරි සතිය තුළ තම ඉල්ලීම් ඉටු කිරීමට ක්‍රියාත්මක නොවන්නේනම් අත්හිටවූ අඛණ්ඩ වැඩවර්ජනය පූර්ව දැනුම්දීමකින් තොරව යළි ආරම්භ කරන බව ඩී.ජේ රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යවරයාට ලිපියක දැක්වෙයි.
(ADS)