FAST NEWS

24×7 Around the Globe

අධිකරණ නියෝගය නොතකා අන්තරේ වීදි බසියි…!

කොළඹ මහෙස්ත්‍රාත් ඊයේ  (16) දිනයේ නිකුත් කල අධිකරණ නියෝගය නොතකා කලින් සැලසුම් කර පරිදි අද(17) දිනයේ සිය විරෝධතා පාගමන පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.

එ අනුව පෙරවරු 11.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බවත්, වාරණ නියෝග පැනවීමෙන් ශිෂ්‍ය  විරෝධතා මර්ධනය කළ නොහැකි බවද එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය වෙත සඳහන් කළේය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි වලට සිසුන් බඳවාගැනීම කප්පාදුව, ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙම විරෝධතාව පවත්වන බව සඳහන්වේ.

(ADS)