FAST NEWS

24×7 Around the Globe

මාලක සිල්වාගේ නඩු ඔක්තොම්බරයට කල් යයි..

බම්බලපිටියේ රාත්‍රි සමාජ ශාලාවක් තුළදී මාලක සිල්වා ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාළ ව මෙතෙක් නීතිපති උපදෙස් නොලැබුණු බවට කොළඹ අපරාධ කොට්ඨාශය අද(16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

එ අනුව වර්ෂ 2014 වර්ෂයේ සිදුවු මෙම පහරදීමේ සිද්ධිය පිළිබඳව අදාළ විමර්ශන අවසන් කොට නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් මේ දක්වා නීතිපති උපදෙස් නොලැබුණු බවට පොලිසිය අධිකරණයට දැන්විය.

වර්ෂ 2014/11/1 දින බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලු රාත්‍රි සමාජ ශාලාව තුළ දි බ්‍රිතාන්‍ය ජාතික ජෙම්ස් ෆැන්සිස් නැමැත්තාට පහර දිම හා ඇයගේ පෙම්වතියට අතවර කිරිම සම්බන්ධයෙන් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් හත්දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

මෙම සැකකරුවන්ට පහර දිම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයාට එරෙහිව ද නඩුවක් පවරා ඇත.

නඩු දෙකම සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩු යළි කැඳවිම ඔක්තෝබර් 23 වන දිනට කල් තැබිණ.

(ADS)