FAST NEWS

24×7 Around the Globe

අන්තරේට අධිකරණයෙන් වාරණයක් පැනවෙයි..

හෙට (17) හා අනිද්දා (18) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවට උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය අද (16දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

එ අනුව අධ්‍යාපනික ගැටලු විසඳන ලෙස හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් පැවැත්වීමට නියමීත මෙම උද්ඝෝෂණ සහ පෙළපාලි කොළඹ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප‍්‍රදේශයන් වල පැවැත්වීම තහනම් වේ.

මහජන සාමය කඩවන අන්දමට සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි විශ්ව විද්‍යාල සිසුන් හා වෛද්‍ය සිසුන් විසින් උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමේ සුදානමක් ඇති බව කියමින් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

(ADS)