FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදායම් තක්සේරු නිලධාරීහු විරෝධය පාති..

දෙපාර්තමේන්තු නිර්දේශයන්ට පටහැණිව වරදාන හා වරප්‍රසාද මත රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් උසස්විම් ලබා දෙතැයි පවසමීන් ඊට එරෙහිව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය අද (16) කොළඹ දේශීය ආදයම් දෙපාර්තමේන්තු මුලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද ඊට විසදුම් නොලැබුණු බව එම සංගමය සඳහන් කරයි.

එසේම මුදල් අමාත්‍යවරයා සමග අද (16)  දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ගැටලුවට විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)