සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ රහසිගත තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් ඊයේ (15) දිනයේ බැදුම්කර කොමීසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසුව බැඳුම්කර කොමිසමේ නිලධාරීන්ගේ අවසරය මත බැඳුම්කර කොමිසමේ කටයුතු වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිටතට යවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව රහසිගතව ප්‍රශ්න කිරීමට නීතීඥ චානක ද සිල්වා මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුරථකනයෙන් සම්බන්ධ කර ගෙන ලබාගත් අවසරය මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම තාක්ෂණ වාර්තාව පිළිබඳව කොමිසම හමුවේ සාක්ෂි වීමසිම සිදු කළේය.
එ අනුව මෙම රහසිගත තාක්ෂණ වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියට තමන් දායකත්වය දැරූ ආකාරය පැහැදිලි කරමින් ඒ සම්බන්ධයෙන් හුවමාරු වු විද්යුත් ලිපි තුනක්ද කොමිසමට ඉදිරිපත් කීරිමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් කටයුතු කළේය.
මෙහිදි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ මෙම තාක්ෂණ වාර්තාව රහසිගත වාර්තාවක් බවත් එම වාර්තාව මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ අතට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මේ අවස්ථාවේදී කොමිසම අමතමින් සඳහන් කළේය.
එ අනුව බැදුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා , මෙම වාර්තාව මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතට ලැබුණේ කෙසේදැයි විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දීමට හැකියාවක් ඇතැයි දැනුම් දුන්නේය
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුවිය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.