FAST NEWS

24×7 Around the Globe

ජනපති ඩෙංගු මර්දන බළකාය වහාම කැඳවයි..

හදිසියේම ඩෙංගු රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ඒ අනුව අද (16) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.

2017 වසරේ මේ දක්වා (මැයි 15) මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,626 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සිදුවූ මරණ සංඛ්‍යාව 115ක් බව වාර්තා වේ.

(ADS)