ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසු නැති බවට තීරණය කරමින් ඉකුත් මැයි 03 වැනිදා දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවට එරෙහිව ඇය ගොනු කළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අද (15) අවසර දුන්නේය.
එ අනුව ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ලෙන් දෙදෙනෙක් අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට නියෝග කල අතර එක් විනිසුරුවරයෙක් තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව සිය තීන්දුව ප්‍රකාශ කළේය.
අද (15) දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් පෙන්වා දුන්නේ තම සේවාදායිකාව විවාහ ජීවිතයට එළඹ ඇත්තේ ස්විට්සර්ලන්ත ජාතිකයෙකු සමග වන බැවින් ඇයට එහි පුරවැසිභාවය හිමිව ඇත්තේ ඉල්ලීමකින් තොරව නිතැතින්ම බවයි.
ඉල්ලා ලබා ගත් පුරවැසිභාවයක් නොවන බැවින් තම සේවාදායිකාවට අදාළව ලබාදුන් තීන්දුව අසාධාරණ බවත්, අනෙක් අතට පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක් නොමැති බැවින් අභියාචනාධිකරණයේ තීන්දුව අහෝසි කරන ලෙස මෙලෙස නීතිඥයින් ඉල්ලා සිටියේය.
රජයේ නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පවසා සිටියේ කුමන අයුරින් ලැබුණද, තවමත් ඇය ද්විත්ව පුරවැසිභාවය ලැබූ තැනැත්තියක බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ඇයට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවය.
කෙසේ වෙතත් අදාළ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන අතර පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 25 දින ඇරඹීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.