FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මෙහෙයුම් නායක මහින්ද බවට දිනේෂ්ගෙන් ප්‍රකාශයක්.

සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගත් බවත් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී මහජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

නායකයා කවුදැයි ජනතාව තීන්දු කරනු ඇතැයිද ඔහු කීවේය.

මෛත්‍රිපාල සිරිසේන ජනපති සන්ධානයට දේවාශිර්වාදයක් වී යැයි කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කීවේය. ඒ කතාව නිසා ශ්‍රීලනිපයේ බෙදී සිටි අය එකතු වුණා යැයි ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණි නමුත් කිසිත් නොකියාම ඔවුහු පිටවී ගියහ.