FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ ආරක්ෂකයින් යළි කැඳවිමට හේතුව ඇමති සාගල කියයි..

විශේෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් ද කලින් කලට සිදු කෙරෙන ආරක්ෂක සමාලෝචනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවු බව  අමාත්‍ය සාගල රත්නායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අදාළ තීරණය පිළිබඳව පැහැදිලි කරුණු ලැබීය.

හිටපු ජනාධිපතිවරයාට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 229 දෙනෙකු ආරක්ෂාවට යොදවා සිටි බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය නොවන නිලධාරීන් පිරිසක් පමණක් යළි කැඳවු බවයි.

(ADS)