FAST NEWS

24×7 Around the Globe

‘මෛත්‍රී වෙනුවට හොඳ නායකයෙක් ඕනෑ‘ – තිස්ස

ඩාලි පාරේ සන්ධාන පක්ෂ නායක රැස්වීමට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම ඊයේ කථාවෙන් පැහැදිලි වූ බව පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එහි පැමිණි අතර සන්ධානය හා ශ්‍රීලනිපය මෙහෙයවීමට නව නායකයෙක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතාද එහි පැමිණියේය. නමුත් ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.