FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමය මහ මැතිවරණ නීරීක්ෂණය අරඹයි.

මෙරට මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අද ආරම්භ කරන බව යුරෝපා සංගමය පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් කළ ආරාධනයකට අනුව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකරන බව ය.

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික ක්‍රිනස්ටියන් පෙඩාර් මහතා මෙම නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය දරනු ඇති.

විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගම් නියෝජිත හා යුරෝපා කොමිසමේ නියෝජ්‍ය සභාපති ෆෙඩ්රිකා මොගරිනි මහත්මිය ප්‍රකාශ කළේ, ආරාධනය පිළිබඳව සුභවාදී ආකල්පයකින් මහ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට එක්වන බව ය.