වෙසක් සමයේ සංවිධානය කෙරෙන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශයන්ට අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගම පවසයි.
දන්සැල්වලින් බැතිමතුන්ට සුරක්ෂිත පිරිසිදු ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව සැළසීම මෙහි අරමුණ බවද එම සංගමය කියයි.
එසේම ලියාපදිංචි කරන සියලුම දන්සැල්වල සංවිධායකයින් හමුවී උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත් ,සියලුම දන්සැල් දැඩි පරීක්ෂාවකට ලක්කරන බවත් ගැටළු සහගත දන්සැල් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් අඩු පාඩු සකස් කර පවත්වා ගෙන යා හැකිනම් ඒ සදහා අවශ්‍යය කටයුතු සුදානම් කරන බවත් සංගමය පෙන්වා දෙයි.
(ADS)








