FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල වෙනස් වෙයි..

පසුගිය 2016 උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණය සඳහා අයදුම් කළ 58504 දෙනාගෙන් අයදුම්කරුවන් 279 දෙනකුගේ ප්‍රතිඵල වෙනස්‌ වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව මෙලෙස වෙනස්‌ වූ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට ඇතුළත් කර තිබේ.

එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ වෙනස්‌ වූ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන්ටද තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුවක්‌ පවතී නම් 011-2785230 හෝ 1911 යන දුරකථන අංකයන්ට අමතන ලෙසද ඉල්ලීමක්‌ කෙරේ.

(ADS)