FAST NEWS

24×7 Around the Globe

මැයි 7 සිට 13 දක්වා වෙසක් සතිය ලෙස නම් කෙරේ..

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ(28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරුන් රැසක් ද එක්ව ඇති අතර එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව ලබන මස 12, 13, 14 යන දිනයන්හි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

ලබන 12 වන දා මෙහි සමාරම්භක උළෙල පැවැත්වෙන අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව බෞද්ධ රටවල විශේෂ නියෝජිතයින් රැසක් සහභාගිවීමට නියමිතය.

සමාප්ති උළෙල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන අතර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන මස 7 වන දා සිට 13 වන දා දක්වා සතිය, වෙසක් සතිය ලෙස ද නම් කර ඇති බවයි.