FAST NEWS

24×7 Around the Globe

මැයි 03 හා 05 අතර දිනක වැඩවර්ජනයක්..

මැයි මස 3 වනදා සහ 5 වනදා අතර දිනක ,සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් එක්ව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේම මෙම වර්ජනයට සෞඛ්‍ය ,ගුරු සහ ප්‍රවාහන ඇතුලු වෘත්තීය සමිති රැසක් එක්වන බව එම සංගමය  වැඩිදුරටත් පවසයි.

ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සඳහා වෙනත් වෘත්තීය සමිති කිහිපයක් ද මේ වන විට සහය පළ කර ඇති අතර මැයි මස 09 වනදා වන විට රජය මෙම ගැටළුව සඳහා සාධනීය විසඳුමක් ලබා නොදුන්නහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මේ සඳහා වෘත්තීය සමිති 160ක් පමණ සහභාගී වන බව සඳහන් වෙයි.

(ADS)