FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

කැළි කසළ බැහැර කිරීමේ ක‍්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව සඳහන් කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ආපදා කළමනාකරණ ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම සිදුවූයේ පරිසර අධිකාරියේ වරදින් වන හෙයින් කැළි කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

(ADS)