FAST NEWS

24×7 Around the Globe

ධනවත් ව්‍යාපාරිකයකු සමග ගල්කිස්සේ සොර කල්ලියක් කොටු.

සොරකම් 65කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ ගල්කිස්ස ධනවත් ව්‍යාපාරිකයකු මෙහෙයවූ කොල්ල කල්ලියක සිව්දෙනකු රුපියල් කෝටි 2කට ආසන්න භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොවුන් මුද්‍රණාල, කාර්යාල, වෙළඳසල් ආදී ස්ථාන රැසක් බිඳ සිදුකළ සොකරකම් අනාවරණය කරගත් බවත් අත් අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයා සහ ගෝලයන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.

ගල්කිස්සේ මුද්‍රණාලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ගෝලයින් යොදවා මුද්‍රණාල බිඳ ඒවායේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුද්‍රණ යන්ත්‍ර, පොත් බඳින යන්ත්‍ර ආදී උපකරණ ගලවාගෙන ගොස් ඔහුගේ මුද්‍රණාලයේ සවිකරගෙන ඇතැයිද පොලිසිය සොයාගෙන ඇත.