FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී ප්ලස් ශ්‍රී ලංකාවට දීමේ නොදීමේ තිරණාත්මක ඡන්දය අද..

ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව වාමාංශික සහ හරිත මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විවාදය හා ඉන් අනතුරව ඡන්ද විමසීමක් අද (27) දිනයේදී සිදුකිරීමට නියමිතය.

එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (26)  දිනයේද යුරෝපා පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කර තිබේ.

මන්ත්‍රීවරුන් 52 කින් සැදුම්ලත් එක්සත් යුරෝපා වමේ සහ උතුරු යුරෝපා හරිත වමේ (GUE/ NGL) ඒකාබද්ධ කණ්ඩායම විසින් යුරෝපා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති යෝජනාවකින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් පොරොන්දු වූ වගකීම් ඉටු කර නැති ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ජී.එස්.පී ප්ලස් නැවත ලබා නොදිය යුතු බවයි.

(ADS)