FAST NEWS

24×7 Around the Globe

ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටේ දැවැන්ත පිපිරීමක්…

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (27) පෙරවරුවේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බවත් පිපිරීමේ හඬ ඩැමස්කස් නගරය පුරා ගිගුම් දුන් බව විදෙස් පුවත් වාර්තා පවසයි.

සිරියාවේ ඩැමස්කස් නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ ගිණිකොණ දිගින් මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් ඇතිව තිබෙන බවත්, ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු ලැබී නොමැති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)