හදිසි තත්ත්වයන්හිදී මුහුණ දීම සඳහා සුවිශේෂී බළකායක් පිහිටුවනු ලැබුවහොත් අමාත්‍ය ධුරයට අමතර වගකීමක් ලෙස එය බාරගැනීමට තමන් සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ජනාධිපතිවරයාද තමාට පැවසුවේ අමාත්‍ය ධුරයේ සිට එම කටයුතු සිදුකිරීමට බවත්, ඒ සඳහා අකමැත්තක් නොමැති බව ප්‍රකාශ කළ බවත් පැවසූ ෆොන්සේකා මහතා, වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
“අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී රටේ ඇතිවෙන කඩාකප්පල්කාරී තත්ත්ව යටතේ හෝ වෙනත් හදිසි අවස්ථා යටතේ ඒවා විසඳීමට පියවරක් වශයෙන් යම්කිසි සංවිධානයක් හෝ සුවිශේෂී බළකායක් ගොඩනැගුවොත් එය බාරගෙන කටයුතු කරන්න පුළුවන්ද කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා මගෙන් විමසීමක් කළා. ඊට මගේ අකමැත්තක් නැති බව මම ප්‍රකාශ කළා.අමාත්‍ය ධුරයේ ඉන්න අතර අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේ ගැන තවම කරන ක්‍රමවේදයක් කතාකළේ නැහැ. නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒ සියල්ලම මත තමයි එය ක්‍රියාවට යෙදවීම රඳා පවතින්නෙ. රටේ සාමාන්‍ය ආකාරයට පරිපාලනය පවත්වා ගෙන යෑම රජයකට අත්‍යවශයි. ඒවා කඩාකප්පල් කිරීමට නොයෙක් දේශපාලඥයන්ගේ අනුදැනුම මත පියවර ගන්නවා නම්, මේ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාවන්ට බාධා නොවීමට අවශ්‍ය පියවර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නෙ” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
(ADS)