උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
විසඳුම් ඉල්ලා ජනතාව සත්යග්රහ කළද රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මෙසේ හර්තාලයක් ක්‍රියාත්මක කළ බව දෙමළ ජනතා සභාව පවසයි.
එසේම මෙම හර්තාලය හේතුවෙන් වෙළෙඳ සැල්,පාසැල් හා කාර්යාල වසා දමා ඇති අතර දුර පළාත් සඳහා ගමනා ගමන සේවාවන් ද සිදුනොවන බවත් වාර්තා වේ.
දෙමළ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද මෙම හර්තාල් ව්‍යාපාරයට උතුරු නැගෙනහිර වෙළඳ සංගම්, බස් සංගම් , ත්‍රී රෝද රථ සංගම් , ගුරු සංගම් ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක සහාය ලැබී ඇති බවද පැවසේ..
දෙමළ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,සමස්ත ලංකා ජනතා කොංග්‍රසය හා දෙමළ ජනතා පදනම ඇතුළු පක්ෂ රැසකද සහය මෙම හර්තාල් ව්‍යාපාරයට ලැබී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
(ADS)








