FAST NEWS

24×7 Around the Globe

හිරුණීකාගේ ඩිෆෙන්ඩර් නඩුව පස්සට දායි..

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ ඇති නඩුවේ පළමු විත්තිකරු දරුණු රෝගී තත්වයකින් පසුවන බැවින් අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බව ඔහුගේ නීතීඥයෝ විසින් අද (25) පෙන්වා දෙනු ලැබුහ.

ඒ අනූව කරුණු සළකා බලා අදාළ නඩුව නොවැම්බර් මස 6 සහ 8 යන දිනවල විභාග කිරීමට මහාධිකරණ  නියෝග කළේය..

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදාගනිමින් තරුණයෙකු පැහැරගෙන  යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය ඇතුළු 09 දෙනෙකුටකොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුනීතිපතිවරයා  අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු  මහාධිකරණයට යොමු කෙරුණී.

(ADS)