ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (15) රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයත් සමඟ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කර තිබුණා.
ඒ අනුව, අද රාත්‍රී 8 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.







