ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කටයුතු කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ දඹුල්ල ආසනය සඳහා ඩබ්. එම්. යසමාන සහ යූ. ආර්. දයා නන්දසිරි යන මහත්වරුන් සම සංවිධායකවරුන් ලෙස පත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ පාතදුම්බර ආසනය සඳහා ඩබ්. එම්. සමරජීව බණ්ඩාර වෙලගෙදර මහතාත් පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහියංගනය ආසනය සඳහා කේ. පී. ගුණවර්ධන මහතාත් පත්කර ඇත.
ජනාධිපතිවරයා නව ආසන සංවිධායකවරුන්ට ඊයේ (25 දා) එම පත්වීම් ලිපි ලබාදුන් අතර ඊට අමතරව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස තවත් 13 දෙනකු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක සහ ලින්ටන් විඡේසිංහ යන මහත්වරු ද රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක සහ නීක්ෂන් සූරියකුමාර් යන මහත්වරු ද පත්වීම් ලිපි ලබාගත්හ.
මාතලේ දිස්ත්‍රික්කය සඳහා කුසුම්සිරි ආරියරත්න, සුසිල් ප්‍රේමරත්න, මුලතිව් දිස්ත්‍රික්කය සඳහා එන්. අරුණතිලගන් සහ යාපනය දිස්ත්‍රික්කය සඳහා එස්. අනිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසාමි කරුණාකරන් යන මහත්වරුන් පත්කෙරිණි.
(ADS)