පිළිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ඡ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර සිටියි.
පිළිකා ඖෂධ හිඟයකින් තොරව රෝගීන්ට ලබාදීමට පියවර ගෙන ඇති අතර ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙල යටතේ දෙවන අදියරේ දී පිළිකා ඖෂධවල මිල අඩු කිරීමට අවශ්‍ය කටයුතු සැලැස්වීමට අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇති බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්.









