FAST NEWS

24×7 Around the Globe

ප්‍රබල වෘත්තීය සංගම් අටක් අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙයි ?

සයිටම් වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ප්‍රබල වෘත්තීය සංගම් අටක් මැයි මස මුල් සතියේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම් බව වාර්තා වේ.

එ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හෙට (26) රැස්වී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ නිශ්චිතව තීරණය කිරීමට නියමිත බවද පැවසේ.

බැංකු, වරාය, අධ්‍යාපන, ඛනිජ තෙල්, ප්‍රවාහන, ජලය හා විදුලිය යන වෘත්තීය සමිති එම සටනට සහයෝගය දෙන බවත්, අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා දීර්ඝ විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(ADS)