ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් ඊයේ වියානා නුවරදී එකඟත්වකට එළඹීමට ලෝක බලවතුන්ටත් ඉරානයටත් හැකිවී තිබෙනවා.ඒ අනුව ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීමට එකඟත්වය පළ කළ අතර ඒ වෙනුවෙන් තම රටවල් ඉරානයට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් එකඟත්වය පළ කර සිටියා.
ඇමෙරිකාව,එක්සත් රාජධානිය,ප්‍රංශය,රුසියාව,ජර්මනිය ඊයේ මෙලෙස ඉරානය සමග එකඟත්වයට පැමිණි බලවත් රටවල් අතර වෙනවා.කෙසේ වෙතත් මෙම තීරණයෙන් පසු ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩලයේ පිරිසකගේත් ඊශ්රායලයේත් දැඩි විරෝධය මේ සඳහා එල්ල වී තිබෙනවා.ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මෙය ලෝක නායකයන්ට වූ ඓතිහාසික වරදක් බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම සහනය ලැබීමෙන් පසු ඉරාන ජනතාව වීථි බැස තම සතුට පළ කරනු දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.







