මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමේ ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පැමීණ ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (24) පෙරවරුවේ බාර දීම සිදු කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්වීමට ගත හැකි පියවර සිය වාර්තාව මගින් නිර්දේශ කිරීම සඳහා ජපාන විශේෂඥ කණ්ඩායමට පැවරී තිබුණී.
නියෝජිත පිරිසේ ප්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙම ගැටළුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා දී තිබේ.
කසළ කන්දේ ප්‍රමාණය ක්‍රමයෙන් අවම කර ප‍්‍රතිචකී‍්‍රකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.
මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් බාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පිරිනමා ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.