FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවට ජල කප්පාදුවක්..

පොළොන්නරුව ජල යෝජනා ක්‍රමයේ ප්‍රධාන ජල කුළුණේ සිදු කිරිමට නියමීත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වැනි දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව එදින උදෑසන 9 සිට සවස 1 දක්වා කාලය තුළදී පොළොන්නරුව නව නගරය හා අලුත් වැව, දෙකේ ඇළ, ගනන්ගොල්ල යන ප්‍රදේශවල ජල සැපයුම සිදුනොවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

(ADS)