FAST NEWS

24×7 Around the Globe

මැක්රොන් හා මැරීන් ප්‍රංශ ජනපතිවරණයේ පෙරමුණට එති..

ප්‍රංශ ජනපතිවරණයේ  ඊයේ (23දා) පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී  පෙරමුණ ගත් එමානුවෙන් මැක්රොන් හා මැරීන් ලී පෙන් එහි දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රංශ ජනපතිවරණයේ ගණනය කළ ජන්ද ප්‍රමාණය වූ සියයට 96කින් සියයට 23.9 ක් එමානුවෙන් මැක්රොන් ලබාගෙන ඇති අතර ලී පෙන් මහත්මිය සීයය  21.4 ක ප්‍රතිශතයක් ලබා‍ගෙන ඇති බව වාර්තා වේ.

එසේම ඉතිරි අපෙක්ෂකයන්ට 20%ක ප්‍රතිශතය ඉක්වමා යෑමට නොහැකි බව පැවසේ.

‍ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි අදියර මැයි 07 දා පැවැත්වීමට නියමිතය

(ADS)