FAST NEWS

24×7 Around the Globe

කැබිනට් මණ්ඩල සංශෝධනයක් එපා – එජාපය ජනපතිට කියයි !

කැබිනට් මණ්ඩල සංශෝධනයක් මේ මොහෙතේදී සිදුකිරීම කාලෝචිත නොවන බැවින් එයට එකඟ විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් බහුතරයක් අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අකමැති බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.

වසර එකහමාරක කාලයක් තුළ සැකසූ සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අවස්ථාවකදී යළිත් වතාවක් කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් අදාළ කටයුතු තවදුරටත් ප්‍රමාද වී ආණ්ඩුව දැඩි අර්බුදයකට හා ජනතා දෝශාරෝපණයකට ලක්විය හැකි බවද එම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇති බවත් පැවසේ.

(ADS)