ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා සුමුදු විජයවර්ධන, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සනත් පද්මසිරි සහ ඒ.ඒ. ලතීෆ්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා ප්‍රියන්ත ප්‍රේමකුමාර පත්කර තිබේ.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රසික දේශප්‍රිය රත්නායකත්, මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා එම්.එස්. සුබයිර් සහ යාපනය දිස්ත්‍රික්කය සඳහා එස් කජන්තන් ද පත්කර ඇති බවයි.
මීට අදාළ පත්වීම් පසුගිය 21 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රදානය කරන ලදි.








