FAST NEWS

24×7 Around the Globe

ඛණිජ තෙල් වෘත්තීය සමිති අද අලුයම සිට වැඩවර්ජනයක..

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (23) අලුයම සිට වැඩවර්ජනයක් කැඳවා තිබේ.

මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට(24) අඩපණ විය හැකි බවට අනතුරු ඇඟවේ.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හෙට(24) දිනයේ පැය දෙකක් පමණ ගෙවෙන විට රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවයි.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳ විසඳුම් ලෙස රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කටයුතු කර තිබේ.

මෙතෙක් එම යෝජනා ක්‍රියාත්මක කර නොමැති අතර සිය යෝජනාවලට පටහැනි ලෙස රජය කටයුතු කරමින් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමද මෙහිදී ඔවුන් පෙන්වා දුන් අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩි දුරටත් සඳහන් කළේ කලින් පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම තීරණයට එළඹී බවත් හා හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන බවත්ය.