FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා බැට්මිටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි..

ශ්‍රී ලංකා බැට්මිටන් සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම හේතුවෙන් තාවකාලික වැඩපිළිවෙළක් ලෙස බැට්මිටන් සංගමයේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එහි නිසි බලධරයා ලෙසද පත් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

එසේම 2017 නව නිලධාරී නිලවරණය  ඉදිරියේදී කැඳවීමට නියමිත බවද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

(ADS)