FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ගැසට් නිවේදනයෙන් මූලික අයිතිවාසිකම් කඩ වෙලා..!

පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එ අනුව ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අපද්‍රව්‍ය  බැහැර කිරීම සඳහා බාධා ඇතිකරන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසර දී තිබේ.

ඒ අනුව, ජනතාවගේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ස්වාභාවික සම්පත් රැක ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකුගේ යුතුමක් බවත් මෙම නීති හරහා එයද යම් පීඩනයකට ලක්කර ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

(ADS)