FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමට අගමැතිගෙන් ඉඩ..

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමේ සිද්ධියට අදාළව ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා ඇති පාර්ලිමේන්තු විවාදය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර  ඇති බව වාර්තාවේ.

අගමැතිවරයාගේ මෙම තීරණය, කථානායක කරු ජයසූරිය මහතාට ද ඊයේ (20) දිනදී  දැනුම් දී ඇති බව සඳහන්.

ජීවිත සහ දේපළ අහිමි කරමින් මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

(ADS)