FAST NEWS

24×7 Around the Globe

දෙමළ ජාතික සන්ධානය හිටපු ජනපති හා එකාබද්ධය හමුවෙයි..!

යෝජිත නව ව්‍යවස්ථාව සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව  සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය හමුවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට එම සන්ධානය තිරණය කර අති බවත් පැවසේ.

නව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් සිදුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් විසින් ප්‍රකාශ කිරීම මත ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් සමගද සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවද අදාළ ආරංචි මාර්ග කියා සිටියි.

එම සාකච්ඡා ඉදිරි සති දෙක තුළ පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

(ADS)