FAST NEWS

24×7 Around the Globe

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ සැප්තැම්බර් අවසන්..

මාතර බෙලිඅත්ත අතර ඉදිවන නව දුම්රිය මාර්ගයේ  ඉදිකිරිම් සැප්තම්බර් මාසයේ අවසන් කරන බව මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග ඉදිකිරිම් ව්‍යාපෘති ඉංජිනේරු ඒ .ජි.සි.විමලසුරිය මහතා පවසයි.

මාතර දිස්ත්‍රික් සම්බන්ධි කරන කමිටුවේදි ඉදිකිරිම් ප්‍රගතිය පිලිබඳව අදහස් පවසමින් හෙතෙම මෙම අදහස් පැවසිය.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම ඉදිරි සතියේ දුම්රිය සිල්පරන්කොට අතුරා පිලීසවිකරන බවත් මෙම ව්‍යාපාතියට අවශ්‍ය රේල් පිලි හම්බන්තොට වරායට ගෙනවිත් ඇති බවත් සඳහන් කරනලදි.

කිලෝමිටර් 27 ක් දිගින් පලමු අදියරේ සිදුකරන මෙම ඉදිකිරිම් සදහා ඩොලර් මිලියන 278 ක් වැයවන අතර මෙම ඉදිකිරිම් චයිනා මැසිනරි  ඉම්පොට්එක්ස්පෝට් සමාගම විසින් සිදුකරනු ලබයි.

ප්‍රධාන පාලම් 2ක්, පාලම් 12 ක්, යටිබිම් හරස්මාර්ග 16ක්. උඩුබිම් හරස්මාර්ග 08ක්, බිම් ගෙවල් 02ක්, මෙම ඉදිකිරිම් වලට අයත්වේ.

(ADS)