FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්..

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් සිදු වූ හානි පිළිබඳව සමාලෝචනය කිරීම සඳහාත් ඉන් විපතට පත් ජනතාවගේ ඉදිරි සුබසාධන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්‌ අද (19 ) අද උදැසන 8.30 ට  පැවැත්වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, හර්ෂ ද සිල්වා, ඒ. එච්. එම්. µවුසි යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක්‌ද, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද ආරක්‌ෂක අංශ ප්‍රධානීන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවද සඳහන්.

   (ADS)