FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලේ අතුරුදන් වු සංඛ්‍යාව සගවනවා – ගම්මන්පිල

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් නිවාස 100කට වඩා හානිවී තිබෙන බැවින් අතුරුදන්වූ පුද්ගලයන් ගණන රජය ඉදිරිපත් කරන සංඛ්‍යාවලට වඩා වැඩි බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද  (18දා)  පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම මෙම විපතින් කොපමණ පිරිසක් අතුරුදන්ව තිබේදැයි දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවද හෙතෙම පවසයි.

කුණුකන්ද කඩාවැටෙන අවස්ථාවේදී නිවැසියන් සියලුදෙනා එම නිවෙස්වල සිට ඇති බවත්, ඔවුන් සියලුදෙනා කුණු කන්දට යටවී ඇතැයි උපකල්පනය කළහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා, ඒ අනුව අතුරුදන්වූ පිරිස සියගණනක් වියහැකි බව පවසා සිටියේය.

මෙම කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනාව මත තවදුරටත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වීම වැළැක්වීම සඳහා අතුරුදන්වූ සැබෑ සංඛ්‍යාව හෙළිදරව් කර නැතැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(ADS)