FAST NEWS

24×7 Around the Globe

වියට්නාම් සංචාරය කෙටි කර අගමැති රනිල් දිවයිනට..

මීතොටමුල්‍ලේ සිදු වූ ඛේදවාචකය හේතුවෙන් වියට්නාම් සංචාරය කඩිනමින් නිමකර අද (18)  දිවයිනට පැමිණීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

සමාජවාදී වියට්නාම ජනරජයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතගේ නිල ආරාධනයට අනුව සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින් 16 දා දහවල් වියට්නාමයට ළඟා විය.

වියට්නාම නිල සංචාරය අවසන් කොට හෙට (19) මධ්‍යම රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබිය දී මීතොටමුල්ලේ සිදු වූ ව්‍යසනකාරී සිද්ධිය හේතුවෙන් ඒ මහතා මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්.

(ADS)