FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර කොමීසම හමුවට..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සාක්‌ෂි ලබා ගැනීමෙන් පසු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්‌ෂි ලබා ගැනීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

එ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කොමිසමේ සාක්‌ෂි විභාගය යළි අප්‍රේල් 24 දින උදේ 10.00 ට ආරම්භ  වීමට නියමීතය.

මහ බැංකුවේ තවත් නිලධාරීන් දෙදෙනකු සාක්‌ෂි ලබා ගැනීම සඳහා කැඳවීමට නියමිතව බවත් , ඉන් එක්‌ නිලධාරියකු මේ වන විට විදේශගතව සිටින නිසා මහ බැංකුවේ හිටපු තවත් එක්‌ නිලධාරියකුගෙන් සාක්‌ෂි ලබා ගැනීමෙන් පසු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් කොමිසම සාක්‌ෂි විමසීම ආරම්භ කෙරෙනු ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)