FAST NEWS

24×7 Around the Globe

මෙරට අගමැති හා වියට්නාම ජනපති අතර ද්වි පාර්ශවික සාකච්ඡා..

අද(17) පෙරවරුවේ වියට්නාම ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගැනීමේ නිළ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

වියට්නාම අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව සිව් දින නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස වියට්නාමයේ හැනොයි අගනුවරට ඊයේ(16) පස්වරුවේ ළඟා විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඉතිහාසයේ, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙකු වියට්නාමයේ නිළ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වේ.