FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් 30000කට ආසන්නයි! – 61ක් මරණයට..

කොළඹ නගරයේ පෞද්ගලික රෝහල් සියල්ලකම අද වනවිට ඇඳක් ලබා ගැනීමට අපහසු වනසේ උණ රෝගීන් ගෙන් පිරී ගොස්  ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් 12 වනදා නිකුත් කළ වාර්තාවන්ට අනුව ඩෙංගු රෝගීන් 30000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර 61 දෙනෙක් මිය ගොස් තිබේ.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිමට වෙනම අධිසත්කාර ඒකක සහ වාට්ටු සංකීර්ණ ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන් අතර එම ඒකක අධීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම සහ ලක්කුමාර් ප්‍රනාන්දු යන මහත්වරුන් ට භාර දී ඇත.